කහ ගෑස් සිලින්ඩරය නිල් පාටකර ගෙනත් දීලා

කහ පැහැති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක වර්ණය වංචා සහගත ලෙස වෙනස්කර ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතවරයාට ලබාදී ගෑස් සහිත ලිට්‍රෝ සිලින්ඩරයක් රැගෙන ගිය පුවතක් වාර්තා වේ.

පසුගිය 27 වනදා කාන්තාවක් විසින් එම වංචාව සිදුකර තිබූ බව CCTV කැමරාවේ දර්ශන ඔස්සේ සොයාගෙන තිබේ.

හැටන් දික්ඔය නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතවරයාට එම වංචාව සිදුකර තිබුණි.

හිස් ගෑස් සිලින්ඩර ඊයේ (28) දිනයේදී ලොරි රථයට පටවන අවස්ථාවේදී එක් සිලින්ඩරයක කහ පැහැය මතුවීම හේතුවෙන් වෙළෙඳසැලේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී මේ පිළිබඳ අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා පොලීසියට පැමිණිලි කර තිබේ.  

මේ අතර පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාව පදිරි වෙළෙඳපොලේ තවමත් ලාෆ් ගෑස් ලබාගැනීමට නොහැකි බවද වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්ස අත්තනායක මන්ත්‍රීවරුන්ට අනතුරු අඟවයි
21:31
Video thumbnail
තුෂාර නලින්දට දෙහි කපයි..පිළිකා ඖෂධ හිඟ වීමෙන් සෞඛ්‍යය තත්ත්වයන් උග්‍ර වෙලා
12:34
Video thumbnail
දූෂිතයින්ට මේ ආණ්ඩුවෙන් කිසිම සමාවක් නෑ
02:04
Video thumbnail
රජෙක් වගේ හිටපු මර්වින් බෝතලයක් උස්සගෙන අධිකරණයට ආ හැටි
01:49
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් ගැන හොයන්න
05:35
Video thumbnail
පුලතිසි රාජා මෛත්‍රී ඉදිරියේ දනගැස්සූ හැටි
02:16
Video thumbnail
පොලිසිය ඇතුළේ මගේ නෝනට කරපු දේවල් මට ඉවසන්න බැහැ - කඩවත පොලිසිය ගැන ඇහෙන අමිහිරි කතාව
04:34
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ එකතුවෙයි - ආණ්ඩුවට දැන් ලේසි නෑ
16:04
Video thumbnail
පස් කන්දක් කඩා වැටී මුළු ගෙදරම විනාශයි ..
03:02
Video thumbnail
මනෝට යකා ආවේශ වී ආණ්ඩුවට දෙසයි..ලැජ්ජා නැද්ද අනිත් පක්ෂවලින් මන්ත්‍රීලා බාගන්න
11:51


?