කල්පිටියේ දී ඇල්ලූ චීන ජාතිකයින් 55 දෙනා අපරාධයකට සූදානම් ව සිටියා දැයි සැකයක්

කල්පිටිය – කන්දකුලිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක ළැඟුම් ගෙන සිටි චීන ජාතිකයින් 55 දෙනෙකුව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ මෙම සැකකරුවන් ඊයේ (30) රාත්‍රියේ දී අත් අඩංගුවට ගත් බවයි.

සැකකාර චීන ජාතිකයින් සතුව තිබී ජංගම දුරකතන 40 ක් ද වැටලීම කළ නිලධාරීන් තම භාරයට ගැනුණා.

සැකකරුවන් කිසියම් සයිබර් අපරාධයක් සිදු කිරීම සඳහා කල්පිටිය ප්‍රදේශයට පැමිණ සිටින්නට ඇති බවට පොලිසිය මේ වනවිට සැක පළ කරනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර චීන ජාතිකයින් මේ වන විට නොරොච්චෝලේ පොලීසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවයි වාර්තා වන්නේ.

ඒ නොරොච්චෝලේ පිහිටි ලක්විජය ගල් අඟුරු බලාගාරයේ සේවය කරන චීන ජාතිකයින්ගේ සහාය ඇතිවයි.

පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ කරගෙන යනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16