‘කයිවාරු මුතූ’ ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මනෝජ් මුතුකුමාරණ හෙවත් ‘කයිවාරු මුතූ’ නැමැත්තා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරු අද (07) දින කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

සැකකරු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (06) දිනයේ මෙරටට පැමිණි ‘කයිවාරු මුතූ’ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණා.

අනතුරුව ඔහුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයට භාර දී තිබූ අතර, එහිදී පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන සිදුකර පසුව අද (07) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.