කපිලගේ දුරකථනයේ දත්ත ලබා ගැනීමට CIDයෙන් ඇපල් සමාගමට ඊමේල් එකක්

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වන මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇපල් ජංගම දුරකථනයේ දත්ත ලබා ගැනීම සඳහා වූ අධිකරණ නියෝගය ඇපල් සමාගම වෙත ඊමේල් මඟින් යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (09) යළි කැදවූ අවස්ථාවේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් වැඩිදුර වාර්තාවක් ඉදිරපත් කළා.

අදාල දුරකතනයේ දත්ත සම්බන්ධයෙන් පෙරදින ලබාගත් අධිකරණ නියෝගය ඉකුත් අගෝස්තු මස 18 වැනිදා අමරිකාවේ ඇපල් සමාගම වෙත යොමු කළ බවද පැමිණිල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම සිද්ධියේ මියගිය සැකකරුගේ මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවද පැමිණිල්ල අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව, එම වාර්තා කඩිනමින් අධිකරණයට යොමුකරන ලෙසට හදිසි මරණ පරීක්ෂකවරයා වෙත සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් ද අධිකරණයෙන් නිකුත් කිරීම ද සිදුවුණා.

ඒ අනුව මෙම සිද්ධිය ලබන ඔක්තෝබර් මස 14 තෙක් කල් තැබිමටද අධිකරණයෙන් නියෝග‍ කලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30