කළුතර සහ හොරණ ඇතූළු ප්‍රදේශවල ගෙවල් බිදීම් කල ඕවිටිගල චූටි නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු සහ ඔහුගේ ගෝලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගෙවල් බිදීම්කළ ප්‍රදේශවල සීසීටීවී පරීක්ෂාවෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන කල ප්‍රශ්න කිරීමෙන් පසු රෙදි සෝදන මැෂිමක්, අවන් එකක්, පරිඝණක මුද්‍රණ යන්ත්‍රයක් , සිවිලින් විදුලි පංකාවක්, පුටු හයක්, මේසයක්, වටිනා බන්දේසි, පිගන් භාණ්ඩ, වටිනා වයර් රෝල් 4 ක්, කූලර් මැෂිමක් ඇතුළු භාණ්ඩ සොයාගත් බව පොලිසිය කීය.
සොරකම් කල භාණ්ඩ බොහෝමයක් උකස් කර තිබූ බවත්, වයර් රෝල් ඉතා අඩුමිළට විදුලි උපකාරක වලට විකුණා තිබූ බවද පොලිසිය පවසයි.අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ඕවිටිගල සහ වව්ළුගල ප්‍රදේශයේ පදිංචි 32 සහ 40 හැව්රිදි සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .