ඕනෑම මැතිවරණයකට සූදානම් – තැපැල් දෙපාර්තමේන්තුව කියයි

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව සූදානම් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ද දෙපාර්තමේන්තුවේ නිල රාජකාරී මේවන විට ආරම්භ වී ඇති බවයි.

ඒ අනුව මේවන විට ලැබී ඇති ප්‍රමුඛ සේවා ලේබලය සහිත මැතිවරණ ලියවිලි අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත යවා තිබෙනවා.

ඉදිරියේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමෙන් අනතුරුව ඒ ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අදාළ තැපැල් කාර්යාල වෙත භාරදීම වෙනුවෙන් සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළා.

තැපැල් දෙපාර්තමේන්තුව බාධා කාරී තත්ත්වයන් යටතේ වුව ද මැතිවරණ කටයුතු වෙනුවෙන් සූදානමින් සිටින අතර ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් තැපැල් ආඥා පනත යටතේ පැවරී ඇති වගීම් කොටස ඉටු කිරීමට බැඳී සිටින බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ.

මැතිවරණ කොමිසමේ දැනුම්දීම අනුව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සඳහා අදාළ ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු මෙම මාසයේ මුල් සතියේ තැපැල් කාර්යාල වෙත ලබාදීම සිදු කෙරෙනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48