මේ වනවිට සමාජයේ බොහෝ පුද්ගලයින් නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමවල හසු වී තම මුදල් නැතිකරගනී
එවන් පසුබිමක ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සෘජුව හෝ වක්‍රව පිරමීඩ යෝජනා ක්‍රමවල නිරත වීමෙන් වැළකී සිටින ලෙසයි.
මේවන විට පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන වංචාකරුවන් පිළිබඳ විමර්ශනය කෙරෙමින් පවතින අතර ප්‍රකට ක්‍රීඩා, ආගමික සහ විනෝදාස්වාදජනක අවස්ථා සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම මගින් ඔවුන් යහපත් පුද්ගලයන් සේ සමාජයේ පෙනී සිටීමට උත්සහ ගන්නා බවද මහබැංකුව පවසයි. එමෙන්ම මෙම පීරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගි වීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
21
+1
5
+1
5
+1
5
+1
7













