එල්-නිනෝ සඳහා පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව රැස් වෙයි

එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම උදෙසා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පස්වෙනි වරටත් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (14) පස්වරුවේ රැස්වුණා.

එල්නිනෝ දේශගුණික බලපෑම මේ වන විට නියං තත්ත්වයෙන් වැසි සහිත කාලගුණය තත්ත්වයකට ඉදිරි මාස දෙක තුළදී පරිවර්තනය වන හෙයින්, ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

වර්ෂාව නිසා ඇති විය හැකි ගංවතුර සහ නායයෑම් වැනි තත්ත්වයන්ට මුහුණ දීමට මහජනතාව දැනුවත් කිරීමට මෙහිදී තීරණය වූ අතර, ඒ වෙනුවෙන් මහජනතාව එවැනි ආපදා තත්ත්වයකදී මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ ආපදා පෙරහුරු වැඩමුළු පැවැත්වීමටද කමිටුවේ අවධානය යොමු වුණා.

නායයෑම් අවදානම් සහිත මහනුවර, බදුල්ල, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන ඊට අදාළ මූලික පෙරහුරු වැඩමුළු පැවැත්වීමටත්, ඊට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසටත් මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවටද මෙහිදී තීරණය කෙරිණි. එසේම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙහෙයුම් මැදිරි ක්‍රියාත්මක කිරීමෙන් ජනතාව පෙර සුදානම් කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡාවට බඳුන් වුණා .

මීට අමතරව, එල්නිනෝ තත්ත්වය හමුවේ දැනටමත් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ගෙන තිබෙන සහන සැලසීමේ කටයුතුවල සහ ඉදිරි වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමද සිදු කෙරුණා.

නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ ලේකම්/කැඳවුම්කරු, නිලධාරී කමිටුවේ සභාපති/ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. එල්. කේ. විජේමාන්නගේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ගාමිණී ජයතිස්ස, ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු ටී. භාරතීදාසන්, අදාළ ආයතනවල නිලධාරීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48