එජාපයේ සහ මාලිමාවේ අපේක්ෂකයින් දෙදෙනෙක් ගැටී අයෙක් රෝහලේ

පළාත් පාලන මැතිවරණය සඳහා නාත්තන්ඩිය සහ උඩුබද්දාව ප්‍රාදේශීය සභා සඳහා තරග කරන අපේක්ෂකයින් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ එක් අපේක්ෂකයෙක් මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ යටකලාන කොට්ඨාසය සදහා ජාතික ජන බලවේගයෙන් තරග කරන අපේක්ෂකයෙක් සහ උඩුබද්දාව ප්‍රාදේශීය සභාවට කට්ටිවහන කොට්ඨාසයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අද (18) අලුයම මාරවිල පොලිස් වසමේ මැදගොඩ – අගුලාන වැව අසලදී මෙම ගැටුම සිදුව ඇති අතර, ගැටුමෙන් තුවාල ලබා ඇත්තේ ජාතික ජන බලවේගයෙන් තරග කරන අපේක්ෂකයා බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

පොලිසිය සඳහන් කළේ දෙදෙනා අතර පැවති පෙර අමනාපයක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි මාරවිල පොලීසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
3
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?