එජාපයේ සහ මාලිමාවේ අපේක්ෂකයින් දෙදෙනෙක් ගැටී අයෙක් රෝහලේ

පළාත් පාලන මැතිවරණය සඳහා නාත්තන්ඩිය සහ උඩුබද්දාව ප්‍රාදේශීය සභා සඳහා තරග කරන අපේක්ෂකයින් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ එක් අපේක්ෂකයෙක් මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ යටකලාන කොට්ඨාසය සදහා ජාතික ජන බලවේගයෙන් තරග කරන අපේක්ෂකයෙක් සහ උඩුබද්දාව ප්‍රාදේශීය සභාවට කට්ටිවහන කොට්ඨාසයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අද (18) අලුයම මාරවිල පොලිස් වසමේ මැදගොඩ – අගුලාන වැව අසලදී මෙම ගැටුම සිදුව ඇති අතර, ගැටුමෙන් තුවාල ලබා ඇත්තේ ජාතික ජන බලවේගයෙන් තරග කරන අපේක්ෂකයා බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

පොලිසිය සඳහන් කළේ දෙදෙනා අතර පැවති පෙර අමනාපයක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි මාරවිල පොලීසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14