එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිද්ධියට අල්ලස් දීම ගැන පැවැත්වූ විමර්ශනයේ රහසිගත වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරටට හිමි විය යුතු වන්දි අය කර ගැනීමේ කටයුතුවල දී එම වන්දි ගෙවීමේ කටයුතුවලට සම්බන්ධ විදේශීය රක්ෂණ සමාගමක් විසින් කිසියම් පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 250 මුදලක් අල්ලස් වශයෙන් ලබා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එවක අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇති විමර්ශනවලට රහසිගත වාර්තාවක් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එම නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත් වූවන්ට වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් පරිසරය ධීවර ප්‍රජාව ඇතුළු පිරිසක් විසින් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද(13) යළි විභාගයට ගත් අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විසින් රහසිගත කවරයක බහා මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඒ පෙත්සම් අද අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගනු ලැබුවා.

මෙම නඩුව මීට පෙර විභාගයට අවස්ථාවේ දී පෙත්සම්කාර ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න ඇතුළු නීතිඥවරු දක්වමින් මෙම නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව මෙරටට අය විය යුතු වන්දි මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලියේ දී විදේශීය රක්ෂණ සමාගමක් විසින් යම් පුද්ගලයකුට අමෙරිකානු ඩොලර් මිලියන 250ක අල්ලසක් ලබා දී ඇති බවට අනාවරණය වී ඇති කරුණ පිළිබඳ විමර්ශනය කරන ලෙස එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දුන්නා.

මීට අදාළව පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබු බවත් නීතිඥවරිය අධිකරණය හමුවේ සඳහන් කළා.

මෙම කරුණට අදාළව අල්ලස් කොමිසම වෙත ද පැමිණිලි ඉදිරිපත් වී තිබෙන බවත් නඩු විභාගයේ දී කරුණු අනාවරණය වුණා.

එම කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම කරුණු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශනවලට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර නියෝග කර තිබුණා.

ඒ අනුව මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.

පෙත්සම් විභාගය පැවැති අවස්ථාවේ දී සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපතින දර්ශනී ලහඳපුර මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ලබන බ්‍රහස්පතින්දා දක්වා කල් තැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57