AFC Banner
Empty Ad
Empty Ad

එක්ස්ප්‍රස් පර්ල් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්න – ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් එම මෝසම ගොනු කළා.

එම මෝසම තුළින් සඳහන් කර තිබෙන්නේ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් සිදු වූ පරිසර හානිය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බවයි.

මහජන සුභසාධන නඩුකාරයන් වශයෙන් ඉදිරිපත් කර තිබෙන එම පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියම කරන ලෙසත් එම මෝසම තුළින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම මෝසම හෙට (25) දින සලකා බැලීම සඳහා කැඳවීමට නියමිත බවත් වාර්තා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?