එක්ස්ප්‍රස් පර්ල් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්න – ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් එම මෝසම ගොනු කළා.

එම මෝසම තුළින් සඳහන් කර තිබෙන්නේ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් සිදු වූ පරිසර හානිය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බවයි.

මහජන සුභසාධන නඩුකාරයන් වශයෙන් ඉදිරිපත් කර තිබෙන එම පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියම කරන ලෙසත් එම මෝසම තුළින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම මෝසම හෙට (25) දින සලකා බැලීම සඳහා කැඳවීමට නියමිත බවත් වාර්තා වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51