එක්ස්ප්‍රස් පර්ල් නඩුව යළි කැඳවීම අද

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදු වූ පරිසර හානියට වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාව පැන වූ නඩුව අද (15) යළි කැඳවීමට නියමිතයි.

එරට නිතීඥ සංගමයක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම නඩුවට පෙනී සිටීමට නියමිත අතර, අදාළ නඩුව සිංගප්පූරු අධිකරණයක් හමුවේ පළමුවරට කැඳවනු ලැබුවේ පසුගිය 09 වනදායි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානියට වන්දි ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරු අධිකරණයක් හමුවේ පසුගිය 26 වැනිදා නඩු පවරනු ලැබුවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ 2021 වසරේ මැයි 20 වනදා ඇති වූ ගින්නෙන් මෙරට සාගර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වුණා.

නෞකාව ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ දී එය සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?