එක්දරු පියෙකුට කොළඹ මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.53ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

මෙලෙස සිරදඬුවම් පනවා ඇත්තේ 43 හැවිරිදි එක්දරු පියෙකුටයි.

2014 වසරේ මැයි මස 17 වනදා කොළඹ, තොටලඟ ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.53ක් සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි සඳහන් කළා.

විත්තිකරුට පෙර වැරදි පවතින බවට අධිකරණයට වාර්තා කර තිබූ අතර, එම කරුණු ද සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා මෙලෙස සිර දඬුවම් නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?