එක්දරු පියෙකුට කොළඹ මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.53ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

මෙලෙස සිරදඬුවම් පනවා ඇත්තේ 43 හැවිරිදි එක්දරු පියෙකුටයි.

2014 වසරේ මැයි මස 17 වනදා කොළඹ, තොටලඟ ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.53ක් සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි සඳහන් කළා.

විත්තිකරුට පෙර වැරදි පවතින බවට අධිකරණයට වාර්තා කර තිබූ අතර, එම කරුණු ද සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා මෙලෙස සිර දඬුවම් නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන හැටි
00:51
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
01:24
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය
01:24
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි
00:53
Video thumbnail
මොණරාගලට ජල සම්පාදනය අඛණ්ඩව පවත්වාගැනීමට පියවර
05:06
Video thumbnail
ලාල්කාන්ත සහෝදරයට කතා කරන්න..නම්බර් එක ඉල්ලගෙන - Whatsapp එකේ වොයිස් මැසේජ් එකක් තියන්න
06:54
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය - "මං ඔයාලගෙන් හිඟාකන්න ආවේ නෑනේ මිස්"
02:04
Video thumbnail
අපේ රජය එනවා ගාට ගාට..රජය ගොඩක් දුර්වලයි - කඩා වැටිච්ච නිසානේ අපිට රට දුන්නේ
06:07