AFC Banner
AFC Banner
Empty Ad

උඩරට මාර්ගයේ දුම්රිය ඇල්ලෙන් නවතී – බදුල්ලට යන්න තවත් දින කිහිපයක්

පැවති අධික වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර අතර දුම්රිය මාර්ගයට කඩාවැටුණු ගල් හා පස්කදු ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතිනවා.

මේ හේතුවෙන් බදුල්ල සහ ඇල්ල අතර දුම්රිය ධාවනය තවත් දින කිහිපයකින් ප්‍රමාද විය හැකි බවයි දුම්රිය බලධාරීන් සඳහන් කළේ.

මේ අතර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ උඩරට මාර්ගයේ කොළඹ කොටුව සිට ඇල්ල , නානුඔය සහ බණ්ඩාරවෙල දක්වා දුම්රිය ධාවනය කෙරෙන බවයි.

ඒ, අනුව කොළඹ කොටුව – ඇල්ල අතර ඔඩිසි සහ උඩරට මැණිකේ දුම්රියන් ද, කොළඹ කොටුව – නානුඔය අතර පොඩි මැණිකේ දුම්රිය ද, කොළඹ කොටුව – බණ්ඩාරවෙල අතර රාත්‍රී තැපැල් දුම්රියන් ද ධාවනය කෙරෙන බව පාලක මැදිරිය සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?