ඊශ්‍රායලයේ හදවත බඳු මොසාඩ් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ හදවත සේ සැලකෙන මොසාඩ් රහස් ඔත්තු ඒජන්සියට ඉරානයෙන් අද (17) දැවැන්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉරානය විසින් මොසාඩ් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉරානයේ ප්‍රධාන නගර මෙන්ම ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ ජෙරුසලම ද ඝෝෂාකාරී පිපිරීම්වලින් දෙදරා ගිය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නවතම ප්‍රහාර එල්ල වූයේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිවිල් වැසියන්ට ටෙහෙරානයෙන් ඉවත් වන ලෙස හදිසි ඉල්ලීමක් නිකුත් කිරීමෙන් පැය කිහිපයකට පසුව බවයි පැවසෙන්නේ.

ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම පස්වන දිනට පිවිසි අතර, දෙපාර්ශ්වයෙන්ම අඛණ්ඩ ප්‍රහාර එල්ල කෙරෙනවා.

ඉරානය ඊශ්‍රායලයට නව ප්‍රහාර රැල්ලක් දියත් කළ අතර, බටහිර ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන් ස්ථාන ඉලක්ක කර ගනිමින් “පුළුල්” ප්‍රහාර දියත් කළ බව ජෙරුසලම පැවසුවා.

ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, රටට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 224 දෙනෙකු මිය ගොස් තවත් 1,200කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මේ අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පැවසුවේ ඊශ්‍රායලයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් 592 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
4
+1
2
+1
17
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අපේ රටේ පණ්ඩිතයෝ ඉන්නවා ඒදණ්ඩ දැක්ක ගමන් දණිස් දෙක පිං පොන් ගානවා..අඹරන මැෂින් 5න් 2ක් කොට උඩ
06:02
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රී ඩ්‍රයිවින් ගැන ගැම්මට කිව්ව කතාව.."මමත් හොඳ ඩ්‍රයිවර් කෙනෙක්"
01:47
Video thumbnail
අර මල්කාන්ති මට හැමදාම කතා කරනවා..ඒ වැටලීම කරන්න..වටගල කිව්ව සැර කතාව
05:16
Video thumbnail
Highway එකේදි තෙල් නැතුව නැවතුණ තෙල් බවුසරයට.."මේකෙන් මිනිස්සු අසරණ වෙනවා"
03:00
Video thumbnail
නිසල සිරුරත් සමඟම ඉන්ධනහලට ආ මල්ශාලා රථය.."තෙල් නැතුව නතර වුණා මහත්තයා"
00:41
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න
01:37
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ඇතිවන බලපෑම අනිල් ජාසිංහ හෙළිකරයි..විජලනය, උෂ්ණතා ආබාධ ඇතිවීමේ අවදානමක්
04:16
Video thumbnail
ෂෙඩ් එක ඇතුළේ කළු බිස්නස් එකක් යනවා..රු.200 ෆුල් ටෑන්ක් ගහලා දෙනවා
03:14
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න.."අනේ..සුදූ..සුදූ මේ බලන්නකෝ..අනේ"
02:31