ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගය ගැන තර්ජනාත්මක වීඩියෝ සහ හඬපට මුදාහැරි කල්ලියක දෙදෙනෙක් අල්ලයි

ඉන්දියාව සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර, අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පසුගිය 09 වනදා ආරම්භ වූ ටෙස්ට් තරගයට කඩා වඳින බවට තර්ජනය කරමින් ඛලිස්තාන් හිතවාදී කණ්ඩායමක් විසින් වීඩියෝපට සහ හඬපට මුදාහැරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුජරාට් පොලිසිය විසින් මධ්‍ය ප්‍රදේශ්හි රීවා දිස්ත්‍රික්කයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාහුල් කුමාර් සහ නරේන්ද්‍ර කුෂ්වාහා යන සැකකරුවන් දෙදෙනෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අහමදාබාද් පොලිසියේ සයිබර් අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ විමර්ශනයක දී මොවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අදාළ තර්ජනාත්මක වීඩියෝපට සහ හඬපට මඟින් මෙම ඛලිස්තාන් හිතවාදී කණ්ඩාය පවසා ඇත්තේ නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයට කඩා වැදී එහි ධජය සවි කිරීමට සැලසුම් කර ඇති බැවින් තරගය නැරඹීමට නොගොස් ආරක්ෂිතව නිවසේ රැඳී සිටින ලෙස ජනතාවට දැනුම් දෙන බවයි.

තරග හතරකින් සමන්විත ඉන්දියා ඕස්ට්‍රේලියා බෝඩර් ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ සිව්වන සහ අවසන් ටෙස්ට් තරගය මාර්තු 09 වනදා ආරම්භ වුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඕස්ට්‍ර්ලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
8
හම්මෝ !
4
මාර දුකයි !
1
මලපනිනව !
2
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?