ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගය ගැන තර්ජනාත්මක වීඩියෝ සහ හඬපට මුදාහැරි කල්ලියක දෙදෙනෙක් අල්ලයි

ඉන්දියාව සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර, අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පසුගිය 09 වනදා ආරම්භ වූ ටෙස්ට් තරගයට කඩා වඳින බවට තර්ජනය කරමින් ඛලිස්තාන් හිතවාදී කණ්ඩායමක් විසින් වීඩියෝපට සහ හඬපට මුදාහැරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුජරාට් පොලිසිය විසින් මධ්‍ය ප්‍රදේශ්හි රීවා දිස්ත්‍රික්කයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාහුල් කුමාර් සහ නරේන්ද්‍ර කුෂ්වාහා යන සැකකරුවන් දෙදෙනෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අහමදාබාද් පොලිසියේ සයිබර් අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ විමර්ශනයක දී මොවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අදාළ තර්ජනාත්මක වීඩියෝපට සහ හඬපට මඟින් මෙම ඛලිස්තාන් හිතවාදී කණ්ඩාය පවසා ඇත්තේ නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයට කඩා වැදී එහි ධජය සවි කිරීමට සැලසුම් කර ඇති බැවින් තරගය නැරඹීමට නොගොස් ආරක්ෂිතව නිවසේ රැඳී සිටින ලෙස ජනතාවට දැනුම් දෙන බවයි.

තරග හතරකින් සමන්විත ඉන්දියා ඕස්ට්‍රේලියා බෝඩර් ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ සිව්වන සහ අවසන් ටෙස්ට් තරගය මාර්තු 09 වනදා ආරම්භ වුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඕස්ට්‍ර්ලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55