ඉන්දුනීසියා මුහුදේ භූ කම්පනය ගැන දැනුම් දීමක්

ඉන්දුනීසියාවේ බාලි මුහුදේ අද වාර්තා වූ රිච්ටර් මාපක 7.0ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු තර්ජනයක් නොමැති බව ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඔවුන් සඳහන් කළේ මෙම භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට හෝ අවට කලාපයට කිසිදු බලපෑමක් නොමැති බවයි.

අද අලුයම ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දූපත්වලට උතුරින් මුහුදේ රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව යුරෝපීය-මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කළා.

ඔවුන් පැවසුවේ භූමිකම්පාවේ අපකේන්ද්‍රය ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 203ක් (සැතපුම් 126ක්) උතුරින් සහ පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර 516ක් පමණ ඉතා ගැඹුරින් සිදුවී ඇති බවයි.

ඉන්දුනීසියානු සහ එක්සත් ජනපද භූ විද්‍යාආයතන විසින් සුනාමි තර්ජනයක් නොමැති බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සියට අනුව, පළමු භූ කම්පාවෙන් පසු රික්ටර් පරිමාණයේ 6.1 සහ 6.5 ක පසු කම්පන දෙකක් ද සිදුවී ඇති බවයි.

මෙම භූ කම්පනවලින් සිදුවූ හානියක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
1
+1
3
+1
4
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40