spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දුනීසියා මුහුදේ භූ කම්පනය ගැන දැනුම් දීමක්

ඉන්දුනීසියාවේ බාලි මුහුදේ අද වාර්තා වූ රිච්ටර් මාපක 7.0ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු තර්ජනයක් නොමැති බව ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඔවුන් සඳහන් කළේ මෙම භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට හෝ අවට කලාපයට කිසිදු බලපෑමක් නොමැති බවයි.

අද අලුයම ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දූපත්වලට උතුරින් මුහුදේ රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව යුරෝපීය-මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කළා.

ඔවුන් පැවසුවේ භූමිකම්පාවේ අපකේන්ද්‍රය ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 203ක් (සැතපුම් 126ක්) උතුරින් සහ පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර 516ක් පමණ ඉතා ගැඹුරින් සිදුවී ඇති බවයි.

ඉන්දුනීසියානු සහ එක්සත් ජනපද භූ විද්‍යාආයතන විසින් සුනාමි තර්ජනයක් නොමැති බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සියට අනුව, පළමු භූ කම්පාවෙන් පසු රික්ටර් පරිමාණයේ 6.1 සහ 6.5 ක පසු කම්පන දෙකක් ද සිදුවී ඇති බවයි.

මෙම භූ කම්පනවලින් සිදුවූ හානියක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
1
+1
3
+1
4
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?