ඉන්දීය මුදල් නෝට්ටු ජාවාරම් කළ පකිස්ථාන ජාතිකයකුට අත්හිටවූ සිර දඬුවම්

ඉන්දීය රුපියල් 500 නෝට්ටු 361ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු කෙරනු පාකිස්තාන ජාතිකයෙකුට අත්හිටවූ සිර දඬුවම් හා දඩ නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසිනුයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

පාකිස්තාන ජාතික මොහොමඩ් තාහීර් නැමැති විත්තිකරු අදාළ චෝදනාවලට අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

ඒ අනුව විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර 7කට අත් හිටුවීමටයි නියෝග කළේ.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 50000ක දඩයක් ද නියම කෙරුණා.

2013 වසරේ ජූලි 15 වනදා කොළඹ දී ඉන්දීය රුපියල් 500 නෝට්ටු 361ක් සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාව මත මෙම විත්තිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහුට නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57