AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය මුදල් නෝට්ටු ජාවාරම් කළ පකිස්ථාන ජාතිකයකුට අත්හිටවූ සිර දඬුවම්

ඉන්දීය රුපියල් 500 නෝට්ටු 361ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු කෙරනු පාකිස්තාන ජාතිකයෙකුට අත්හිටවූ සිර දඬුවම් හා දඩ නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසිනුයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

පාකිස්තාන ජාතික මොහොමඩ් තාහීර් නැමැති විත්තිකරු අදාළ චෝදනාවලට අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

ඒ අනුව විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර 7කට අත් හිටුවීමටයි නියෝග කළේ.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 50000ක දඩයක් ද නියම කෙරුණා.

2013 වසරේ ජූලි 15 වනදා කොළඹ දී ඉන්දීය රුපියල් 500 නෝට්ටු 361ක් සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාව මත මෙම විත්තිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහුට නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?