spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය නෞකාවක් ත්‍රිකුණාමලය වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Khanjar’ නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන ත්‍රිකුණාමලය වරායට පැමිණ තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කළ බවයි.

මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ Missile Corvette වර්ගයට අයත් ‘INS Khanjar’ නෞකාව, දිගින් මීටර් 91ක් හා නැව් මුළුව 151ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් NVS Phani Kumar කටයුතු කරනු ලබනවා.

එමෙන්ම, ‘INS Khanjar’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පුහුණු හා ක්‍රීඩා වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව තිබෙනවා.

‘INS Khanjar’ නෞකාව ලබන 31 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ නැගෙනහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?