AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දීය නාවික හමුදාවට ප්‍රංශයෙන් උසස් තාක්ෂණික සහාය

ඉන්දීය නාවික හමුදාවට සිය සබ්මැරීන සම්බන්ධයෙන් වන තාක්ෂණය වැඩි දියුණු කර ගැනීම සඳහා අධිතාක්ෂණික නාවික දැනුම ලබාදීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීන ඉන්දීය සාගර කලාපයේ නොපෙනෙන පරිදි ස්ථානගත කිරීමට අදාළවයි මෙම සහාය හිමිවනු ඇත්තේ.

ප්‍රංශය ඉන්දීය නාවික හමුදාවේ ව්‍යාපෘති 66 හා 67 සඳහා සබ්මැරීන සඳහා උසස් ගණයේ පොම්ප ජෙට් ප්‍රචාලන තාක්ෂණය හිමිගන්වා තිබෙනවා.

රහසිගතව කලාප සාගරයේ ස්ථානගත ව සිටිමින්, නාවික බලය කාර්යක්ෂමව වැඩි දියුණු කරගැනීමටත්, ඉන්දු – පැසිෆික් කලාපයේ දිය යට මෙහෙයුම් බලය තීව්‍ර කරගැනීමටත් මෙමගින් හැකියාව ලැබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය සබ්මැරීනවල මීළඟ පිම්ම වනුයේ ඩීසල් – විදුලි ප්‍රහාරක සබ්මැරීන සඳහා උසස් පොම්ප ජෙට් ප්‍රචාලන තාක්ෂණයක් හිමිගැන්වීමයි.

එය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක සබ්මැරීන (SSNs) අත්පත් කර ගැනීමේ මුලපිරීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?