ඉන්දීය ටෙස්ට් නායකත්වයට ශුබ්මන් ගිල්

එංගලන්ත සංචාරය සඳහා ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කරන විට ශුබ්මන් ගිල් නව ඉන්දීය ටෙස්ට් නායකයා ලෙස නම් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ ඔහු ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර් සමඟ දීර්ඝ හමුවක් ද පවත්වා ඇති බවයි.

මේ අතර ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ මීළඟ නායකත්වයට වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා පත්වනු ඇති බවට ඇතැමුන් මත පළකර තිබුණා.

මීට පෙර තීරණාත්මක අවස්ථා කිහිපයකදීම බුම්රා ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස රෝහිත් ශර්මා වෙනුවට කටයුතු කරමින් ජයග්‍රහණ ද ඉන්දීය කණ්ඩායම ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වසරේ ජනවාරි මාසයෙන් පසු මේ දක්වා බුම්රා ටෙස්ට් පිටියෙන් ඈත්ව සිටින අතර, ඔහුගේ පිට කොන්දේ ඇති වූ ආබාධයක් ඊට හේතු වී තිබෙනවා.

මේ හේතුවෙන් බුම්රාට ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමේ අමතර වගකීමක් ලබාදිය යුතුදැයි තේරීම් කමිටුවේ සාකච්ඡාවට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ශර්මා ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් ඉවත්වීමෙන් පසු ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය පුරප්පාඩුව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40