ඉන්දියාව පැරදූ පාකිස්ථානය ආසියාවේ නැගී එන ශූරයින් ලෙස කිරුළු පළඳියි

2023 නැගී එන ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට පාකිස්ථාන නැගී එන කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ප්‍රබල ඉන්දීය කණ්ඩායම ලකුණු 128කින් පරාජය කරමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන පන්දුවාර 50 තුළ කඩුලු 08කට ලකුණු 352ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ලකුණු 353ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට ඇරඹු ප්‍රතිවාදී ඉන්දීය නැගී එන කණ්ඩායමට පන්දුවාර 40ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 224 ක් පමණයි.

ඒ, අනුව අවසන් මහා තරගයේ දී ඉන්දීය නැගී එන කණ්ඩායම පරාජයට පත් කළ පාකිස්ථාන නැගී එන කණ්ඩායම 2023 නැගී එන ආසියානු ක්‍රිකට් ශූරයින් ලෙස කිරුළු පැළඳුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
13
+1
3
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !