AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාව උස්සද්දී පාකිස්ථානය බස්සයි

ඉන්දියාවෙන් ලොකු ළූණු මෙරටට ගෙන්වීම තහනම් කිරීමත් සමඟින් පාකිස්ථානය සහ තවත් රටවල් කීපයක් මෙරටට ලොකු ළූණු තොග එවීම ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් රුපියල් 600 දක්වා ඉහළ ගිය ලොකු ළූණු කිලෝවක මිල අද (31) වන විට රුපියල් 300ත් 350ත් අතර මිලක් දක්වා පහත වැටී ඇති බවයි ලොකු ළූණු අලෙවි කරන දඹුල්ලේ ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළේ.

පසුගිය කාලයේ ඉන්දියාවෙන් වෙනත් රටවලට තම නිෂ්පාදන යැවීම තහනම් කර තිබුණා.

ඒ සමගම මෙරටට ගෙනැවිත් තිබූ ලොකු ළූණු තොග කිලෝව රුපියල් 500ක් 600ත් අතර ඉහළ මිලකට වෙළඳුන් ඉතා කූඨ ආකාරයෙන් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වුණා.

මෙම ජාවාරම පිළිබඳ දිගින් දිගටම මාධ්‍ය මගින් පෙන්වාදීමත් සමඟ ලොකු ළූණු තොග අලෙවි කර ගැනීමට ඔවුන්ට නොහැකි වී ඒවා කුණු වී විනාශ කරන්නට ද සිදුවීම ද විශේෂත්වයක්.

මේ වන විට පාකිස්ථානය, තුර්කිය සහ ඉරානය ඇතුළු රටවල් කීපයකින් විශාල වශයෙන් ලොකු ළූණු තොග මෙරටට ගෙන්වා තිබෙනවා.

ඒ අනුව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ළූණු තොග අලෙවි කරන ව්‍යාපාරිකයන් කියා සිටියේ පාකිස්ථානය ලංකාවේ ඉහළ ගිය ලොකු ළූණු මිල පහත දැමූ බවයි.

පාකිස්තානයෙන් සහ තුර්කියෙන් ඉරානයෙන් ගෙන්වා ඇති ලොකු ළූණු කිලෝව වෙළඳසැල්වල රුපියල් 300ක් 350ක් අතර මිලකට අලෙවි කරන අතර ඇතැම් වෙළඳුන් එම ළූණුම රුපියල් 400කට අලෙවි කිරීමට උත්සහ කරන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ආනයනික ලොකු ළූණු රැගත් තවත් කන්ටේනර් රැසක් වරායේ ඇති අතර එම ළූණු තොග වෙළඳපළට ලැබීමත් සමඟ තවදුරටත් මිල පහත යනු ඇති බව තොග වෙළඳුන් පෙන්වා දෙනවා. අලූත් අවුරුදු සමය වන විට ඉන්දියාව ළූණු අපනයන තහනම ඉවත්කරන අතර එවිට දේශීය පාරිභෝගික ජනතාවට අඩු මුදලකට ළූණු මිලදී ගැනීමට හැකි වනු ඇතැයි ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළා.

ලොකු ළූණු තැරැව්කරුවන් අලෙවි කරන වෙළෙඳුන්ට දුරකථන ඇමතුම් ලබාදී අඩු මුදලට අලෙවි නොකර කිලෝව රුපියල් 400න් ඉහළ තබා ගන්නා ලෙස උපදෙස් ලබා දෙන බව ද වෙළඳුන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් පාරිභෝගික ජනතාවට සහන ලබා දීම සඳහා දඹුල්ලේ ළූණු අලෙවි කරනු ලබන බොහෝ දෙනා රුපියල් 300ක් 350ක් අතර මිලකට අලෙවි කිරීම සිදුකරන බව ද ව්‍යාපාරිකයන් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
12
+1
3
+1
2
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12
Video thumbnail
සැඩ පහරට ගිය සුපිරිය රිය ගොඩට ගත් ක්‍රියාන්විතය
05:29
Video thumbnail
හොරු අල්ලන්න එන රන්ජන් #ranjanramanayake
07:27
Video thumbnail
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ ජනපති අනුර
00:42
Video thumbnail
අමුතු අමුතු ටෙළි නාට්‍ය තියෙන්නේ - දමිතා එනවා නාහෙන් අඬනවාහඬ පටයක් දානවා
03:32

?