ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 11,000ක් දිවයිනට

ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් සහල් මෙට්‍රික් ටොන් 11,000ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟාවී ඇති බව වාර්තා වෙයි.

සහල් තොගය රැගත් “චෙන් ග්ලෝරි” නෞකාව අද (12) කොළඹට ළඟා වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේය.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන බහුආංශික සහයෝගීතාව යටතේ පසුගිය සතිය තුළ පමණක් සහල් මෙට්‍රික් ටොන්16,000ක් මෙරටට ලබාදී තිබේ.

දෙරට අතර සුවිශේෂී සබඳතාව පිලිඹිබු කරන මෙම ආධාර තවදුරටත් අඛණ්ඩව සිදුකිරීමට ඉන්දීය රජය පියවර ගන්නා බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !