ඉන්දියන් සාගරයේ බන්ඩා අචේ ආසන්නයේ රික්ටර් මාපක 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන තිබෙනවා.
මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
අද (21) පස්වරු 03:12ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති අතර. එය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 156ක ගැඹුරින් වාර්තා වී තිබෙනවා.










