AFC Banner
AFC Banner
Empty Ad

ඇල්ල – පස්සර මාර්ග‍යේ කොටසක් වැසෙයි

ප්‍රදේශයේ පැවැති දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල – පස්සර මාර්ගයේ 17 වන කිලෝමීටර් කණුව අවට ප්‍රදේශවල තිබූ ගස් රැසක් අද (28) මාර්ගය වෙත කඩා වැටී ඇති අතර තවත් ගස් කඩාවැටීමේ අවදානම පවත්නා බැවින් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු එස්. එස්. හෙන්නායක මහතා පැවසුවේ; මේ වන විටත් ගස් රැසක් මාර්ගය වෙත කඩා වැටී ඇති අතර ගමන් ගන්නා වාහනවල සහ මගීන්ගේ ආරක්‍ෂාව පතා මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් සුළං තත්ත්වය පහ වූ වහාම ඉතා කඩිනමින් මාර්ගය යථා තත්ත්වයට පත්කර වාහන ගමනාගමනයට විවෘත කරන බව ද විධායක ඉංජිනේරුවරයා පැවසුවා.

පෙරේදා (26) දින සිට පැවැති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ මෙලෙස ගස් කඩා වැටෙන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එම මාර්ගය නැවත දැනුම්දෙන තුරු භාවිත නොකරන ලෙසට ද දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?