ඇල්ටෝ ධර්මෙගේ ගෝලයෝ දෙදෙනකු අල්ලයි – සැකකරුවන් අතර කාන්තාවකුත්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැඟ වී සිටින ඇල්ටෝ ධර්මෙගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන තවත් කාන්තාවක් සහ පුද්ගලයකු රුපියල් ලක්ෂ 25ක් වටිනා හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය II හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මල්වතුහිරිපිටිය පොලිස් වසමේ අංක 44, උතුරු බුත්පිටිය, බුත්පිටිය ලිපිනයේ දී සිදු කළ වැටලීමක දියි මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

විශේෂ කාර්ය බලකාය මගින් මහා පරිමාණ කේරළ ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් 47 හැවිරිදි පන්නිපිටියේ නිසංසලා නමැති කාන්තාවගෙන් කළ දීර්ඝ ප්‍ර‍ශ්න කිරිමේ දීයි මෙම සැකකරුවන් ද අත් අඩංගුවට ගැනීමට හැකි ව තිබෙන්නේ.

සැකකරුවන් අතර එක් සැකකාරිණියක් ද සිටිනවා.

ඇය 36 හැවිරිදි බුත්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 94 ක් හා ජංගම දුරකථන 02 ක් ද පොලිස් භාරයට ගැනුණා.