ඇල්ටෝ ධර්මෙගේ ගෝලයෝ දෙදෙනකු අල්ලයි – සැකකරුවන් අතර කාන්තාවකුත්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැඟ වී සිටින ඇල්ටෝ ධර්මෙගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන තවත් කාන්තාවක් සහ පුද්ගලයකු රුපියල් ලක්ෂ 25ක් වටිනා හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය II හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මල්වතුහිරිපිටිය පොලිස් වසමේ අංක 44, උතුරු බුත්පිටිය, බුත්පිටිය ලිපිනයේ දී සිදු කළ වැටලීමක දියි මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

විශේෂ කාර්ය බලකාය මගින් මහා පරිමාණ කේරළ ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් 47 හැවිරිදි පන්නිපිටියේ නිසංසලා නමැති කාන්තාවගෙන් කළ දීර්ඝ ප්‍ර‍ශ්න කිරිමේ දීයි මෙම සැකකරුවන් ද අත් අඩංගුවට ගැනීමට හැකි ව තිබෙන්නේ.

සැකකරුවන් අතර එක් සැකකාරිණියක් ද සිටිනවා.

ඇය 36 හැවිරිදි බුත්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 94 ක් හා ජංගම දුරකථන 02 ක් ද පොලිස් භාරයට ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39