ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවෙයි

ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් (Julie J. Chung) මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (2) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. මේ අවස්ථාවට ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී මැතිව් හින්සන් මහතා (Matthew Hinson) ද එක් විය.

එහි දී දෙපාර්ශ්වය අතර වත්මන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අදහස් හුවමාරු විය. වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා ජනතාව පීඩාවට පත්ව ඇති අයුරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිවරිය ඇතුළු පිරිස දැනුවත් කරමින් පැහැදිලි කරන ලදී.

ඊට අමතරව වත්මන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරමින් නියමිත දිනට පැවැත්වීමට සැලසුම් කර තිබූ මැතිවරණ කල් දැමීමත් ජනතාව මර්දනය කරමින් ගෙන ඒමට උත්සාහ කරන විවිධ පනත් සම්බන්ධයෙන් ද දැනුවත් කරන ලදී.

මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා ද එක්විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39