ඇමැති කංචන ජනක ඉවත් කිරීමට හේතු හෙළි කරයි

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ ඔහුට එරෙහිව ඇති චෝදනා 05ක් මත යැයි ඇමැති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනක රත්නායක මහතා ඉවත් කිරීමට අදාල පාර්ලිමේන්තු විදාවදය ආරම්භ කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය

එම චෝදනා වනුයේ නඩුවක් තිබියදී එය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම,ස්වාධීන කොමිෂන් සභාවක කටයුතු ඒකපාර්ශිකව සිදුකිරීම,විදුලි බල මණ්ඩලය සමග එක්ව විදුලිය මිලදීගැනීමේ සමාගමක් පවත්වාගෙනයාම,විදුලිය සඳහා ගැලපුම් ගාස්තු පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නොකර දේශපාලන අවශ්‍යතා අනුව ගැලරිය පිනවීමට ප්‍රකාශ නිකුත් කිරීම සහ සාමූහික තීන්දු නොගෙන ස්වාධීන තීරණ ප්‍රකාශ කිරීම යැයි ද සඳහන් කළේය.

එසේම 2014 වසරේ සිට නිසි කලට විදුලිය ගාස්තු සංශෝධනය නොකිරීම නිසා විදුලි බල මණ්ඩලය අකර්මන්‍යවී ඇතැයි ද එනිසා වසර නවයකට පසු විදුලි ගාස්තු වැඩි කිරීමට සිදු වීම නිසා විදුලි පාරිභෝගිකයින් අපහසුතාවයට පත්ව ඇතැයි ද සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
1
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?