ඇමැති කංචන ජනක ඉවත් කිරීමට හේතු හෙළි කරයි

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ ඔහුට එරෙහිව ඇති චෝදනා 05ක් මත යැයි ඇමැති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනක රත්නායක මහතා ඉවත් කිරීමට අදාල පාර්ලිමේන්තු විදාවදය ආරම්භ කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය

එම චෝදනා වනුයේ නඩුවක් තිබියදී එය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම,ස්වාධීන කොමිෂන් සභාවක කටයුතු ඒකපාර්ශිකව සිදුකිරීම,විදුලි බල මණ්ඩලය සමග එක්ව විදුලිය මිලදීගැනීමේ සමාගමක් පවත්වාගෙනයාම,විදුලිය සඳහා ගැලපුම් ගාස්තු පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නොකර දේශපාලන අවශ්‍යතා අනුව ගැලරිය පිනවීමට ප්‍රකාශ නිකුත් කිරීම සහ සාමූහික තීන්දු නොගෙන ස්වාධීන තීරණ ප්‍රකාශ කිරීම යැයි ද සඳහන් කළේය.

එසේම 2014 වසරේ සිට නිසි කලට විදුලිය ගාස්තු සංශෝධනය නොකිරීම නිසා විදුලි බල මණ්ඩලය අකර්මන්‍යවී ඇතැයි ද එනිසා වසර නවයකට පසු විදුලි ගාස්තු වැඩි කිරීමට සිදු වීම නිසා විදුලි පාරිභෝගිකයින් අපහසුතාවයට පත්ව ඇතැයි ද සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27