ගුවන් ගමන් පාලන සන්නිවේදන ගැටලුවක් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය පුරා සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති බව වාර්තා වනවා.
ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ ප්රහාරයක් පිළිබඳ කිසිදු ඇඟවීමක් නොමැති බවත්, විදුලි සංදේශ බිඳවැටීමක් හේතුවෙන මෙම ගැටලුව මතුව ඇති බවයි.
2001 වසරේ සැප්තැම්බර් 11 වනදා එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් පසුව, ඇමරිකානු ගුවන් ගමන් පද්ධතියම මෙලෙස මුළුමනින්ම අත්හිට වූ දෙවන අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මේ අතර ගුවන්ගමන් නිරීක්ෂණ සේවාවක් වන FlightAware හි දත්තවලට අනුව, මෙම සන්නිවේදන බිඳවැටීම හේතුවෙන් ගුවන් වාර 7,000කට ආසන්න ප්රමාණයක් ප්රමාද වී හෝ සම්පූර්ණයෙන්ම අවලංගු වී තිබෙනවා.
මෙම තත්ත්වය මත එරට ප්රධාන ගුවන් තොටුපළ කිහිපයක්ම ගුවන් මගීන්ගෙන් පිරී ඇති අතර, මෙම නියෝගය ඉවත් කරන්නේ කවදා ද යන්න පිළිබඳව ෆෙඩරල් ගුවන් සේවා පාලන අධිකාරිය මෙතෙක් කිසිදු තොරතුරක් නිකුත් කර නැහැ.
මේ අතර ඇතැම් ප්රදේශවල සන්නිවේදන පද්ධති ක්රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ද වාර්තා වනවා.
