ඇනකොන්ඩා සර්පයෙක් සමඟ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළේ ” හරිත මාවත ” ඔස්සේ සර්පයන් 06 දෙනෙක් සමඟ පිටතට යාමට තැත් කළ කාන්තාවක් ඊයේ (11) රාත්‍රීයේදී රේගු නිලධාරීන් සහ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ලද බුද්ධි තොරතුරුක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු ආඥා පනත, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත සහ සත්ව රෝග පනත්වලට යටත්ව මෙලෙස සර්පයින් රැගෙන එම නීතිවිරෝධී බවයි අදාළ නිලධාරීන් පවසන්නේ.

කහ ඇනකොන්ඩා (Yellow Anaconda) , බෝල් පයිතන් (Ball Python), ස්පෙකල්ඩ් කින්ග් ස්නේක් (Speckled King Snake) සහ හොන්ඩියුරානු කිරි සප්පයා (Honduran Milk Snake) යන වර්ගවල අයත් සර්පයන් 06 දෙනෙක්, අදාළ සැකකාරිය සතු වූ බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙරටට පැමිණි අදාළ කාන්තාව විසින් ගමන් මලු දෙකක් තුළ සූක්ෂම ලෙස මෙම සර්පයන් ඔතා සඟවා ගෙනැවිත් ඇති බවයි වාර්තාවන්නේ.

කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මෙම සැකකාරිය අලෙවි කිරීමේ අරමුණ ඇතිව මෙම සර්පයින් මෙරටට ගෙනැවිත් තිබූ බව මුලික විමර්ශනයන් මඟින් අනාවරණය වී තිබෙනවා.

ගුවන් යානයක් තුළ මෙවැනි ජීවී සතුන් රැගෙන ඒම, නීතිවිරෝධී මෙන්ම අතිශය අනතුරුදායක ක්‍රියාවක් වන අතර , මේ පිළිබද ඉන්ඩිගෝ ගුවන් සේවයේ නිලධාරීන් කැදවා දැඩි ලෙස අවවාදකර ඇති අතර, රේගු විමර්ශන වලින් පසුව මෙම සර්පයන් ආපසු රැගෙන යන ( Re Export ) ලෙසද රේගු නිලධාරීහු නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56