ආනයනික හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අතසනින් යුතුව නිකුත් කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේදී අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, අද (13) දිනයේ සිට මෙය ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව ආනයනික හාල්මැස්සන් සඳහා කිලෝග්රෑමයකට පනවා තිබූ රුපියල් 100ක බදු මුදල රුපියල් 10 දක්වා ද, උම්බලකට සඳහා කිලෝග්රෑමයකට පනවා තිබූ රුපියල් 202 බදු රුපියල් 10 දක්වාද, කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් සඳහා පනවා තිබූ කිලෝග්‍රෑමයට වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දද රුපියල් 50 දක්වා අඩු කිරීමටද ගැසට් නිවේදනය මඟින් පියවර ගෙන තිබෙනවා.
