ආයා පැහැර ගැනීමේ අවදානමක්

පසුගිය සතියේ තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූමිකම්පාවෙන් පසු කඩා වැටුණු නිවසක සුන්බුන් යට උපත ලැබූ ආයා නමින් නම් කළ ළදරුවා සිරියාවේ සෞඛ්‍ය බලධාරීන් විසින් ආරක්ෂිත ස්ථානයකට ගෙන ගොස් තිබෙනවා.

පැහැරගැනීම් සහ දරුකමට හදා ගැනීමට ලබා ගැනීම ඇතුලු වංචාවලින් ආරක්ෂා කර ගැනීම වෙනුවන් පූර්වා ආරක්ෂක පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය සඳුදා ද ඇය ප්‍රතිකාර ලබමින් සිටි රෝහලේදී ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

ඒ පිරිමි හෙදියක් සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු ද සමඟ පැමිණ කළමනාකරුට පහර දුන් බව කියන සිදුවීමක්.

කෙසේවෙතත් සිරියාවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී වෛද්‍ය අහමඩ් හජ් හසන්, ප්‍රකාශ කළේ එය දරුවා පැහැර ගැනීමට සම්බන්ධ සිදුවීමක් නොවන බවයි.

මෙම දැරියගේ කතාව දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කිරීමෙන් පසු දහස් ගණනක් ජනතාව පසුගිය සතියේ ඇය හදා ගැනීමට ඉදිරිපත් වී තිබෙනවා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය ඇයගේ සුභසාධනයට ප්‍රමුඛත්වය දීමටත් දරුකමට හදා ගැනීමේ ක්‍රියාවලියේදී ප්‍රවේශමෙන් ක්‍රියා කිරීමටත් අරමුණු කරගෙන සිටින බවයි වාර්තා වන්නේ.

පසුගිය 6 වන දින දකුණු තුර්කියට සහ සිරියාවට බලපෑ රිච්ටර් මාපක 7.8 ක භූමිකම්පාවෙන් ජින්ඩයිරිස් නගරයේ පිහිටි නිවස විනාශ වූ විගසම ආයාගේ මව ප්‍රසව වේදනාවට පත් වී තිබෙනවා.

සහන කණ්ඩායම් මව සහ බිළිඳා සොයා ගන්නා විටත් මවගේ පෙකණි වැලෙන් බිළිඳිය සම්බන්ධ වී සිටි අතර ඇය බිහි කිරීමෙන් පසු මව මරණයට පත්ව තිබුණා.
බිලිඳියගේ පියා, සහෝදර සහෝදරියන් හතර දෙනෙකු සහ නැන්දා ද මෙම ව්‍යසනයෙන් මිය ගියා.

ඇයව ආරක්‍ෂාවට රැගෙන යන අවස්ථාවේ එහි සිටි දුරස්ථ ඥාතියෙකු විසින් බිළිඳා අෆ්‍රින් හි රෝහල වෙත රැගෙන විත් තිබුණා.

ඇය ප්‍රතිකාරවලට ප්‍රතිචාර දැක්වූ අතර පසුදින වන විට ඇයගේ තත්ත්වය ස්ථාවර වී තිබෙනවා.

රෝහල් කළමණාකාර කාලිඩ් අට්ටියා පැවසුවේ තම බිරිඳ තම මාස හතරක දියණිය සමඟ ආයාට මව්කිරි දෙන බවත් ඇයව හදා වඩා ගන්නා තෙක් ඔවුන් ඇයව රැකබලා ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56