පාසල් ප්රතිසංවිධාන කටයුතු යටතේ පාසල් ඒකාබද්ධ කිරීමේදී සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම අනිවාර්ය බැවින්, ආබාධ සහිත පාසල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට මෙවර අයවැයෙන් ද ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරනවා.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (23) පැවති කොළඹ දිස්ත්‍රික් අධ්‍යාපන අනු කමිටු රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබෙනවා.
ඕනෑම දරුවකුට තම මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමක් බව ද ඇය මෙහිදී අවධාරණය කළා.
කොළඹ දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය පාසල් අඩුවීම සිසුන්ගේ පාසල් හැරයාමට සහ පැමිණීම අඩුවීමට හේතුවක් වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, අවශ්‍ය ප්‍රදේශවල පාසල් තුළ දෙමළ මාධ්‍ය පන්ති ආරම්භ කිරීමටත්, ඉදිරියේදී ත්‍රෛභාෂික පාසලක් ආරම්භ කිරීමටත් තීරණය කර ඇති බවටත් වාර්තාවෙනවා.










