ආපදා නිසා ධීවර කටයුතු ඇනහිටි ධීවර පවුල් වෙත වියළි ආහාර සලාකයක් – ජනපති

ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, ගොඩබිම සහ මුහුදු තීරයද රැකගත යුතුයි යන දැඩි ස්ථාවරත්වයේ රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනු ලැබුවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට අද (13) පස්වරුවේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.

මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා ස්ථීර විසඳුමකට එළැඹීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආරම්භ කළ ව්‍යාපෘතිය නිසි අධ්‍යයනයකින් පසු ඉදිරියට ක්‍රියාත්මක කිරීමටද නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ආපදා තත්ත්වය හේතුවෙන් මන්නාරම ධීවර ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර මේ වන විට ධීවරයන් 12,000ක් පමණ ධීවර කටයුතුවල නිරත විය නොහැකිව පීඩාවට පත්ව සිටින බව අනාවරණය වුණා.

ගංවතුරට හසු නොවුණද අයහපත් කාලගුණය හේතුවෙන් ධීවර කටයුතුවල නිරත විය නොහැකිව ජීවනෝපායමාර්ග අහිමි වී සිටින ධීවර පවුල් වෙත සතියක කාලයක් සඳහා වියළි ආහාර පාර්සල් ලබා දීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්න

එමෙන්ම චීන රජයෙන් මෙරටට ලැබී ඇති දැල් ආම්පන්න තොගය ආපදාවට පත් වූ ධීවර ජනතාව වෙනුවෙන් ලබා දීමට චීන තානාපති කාර්යාලය සමග සාකච්ඡා කිරීමටද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

යෝධ වැව අභය භූමිය ජල පෝෂක ප්‍රදේශයේ අනවසර ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර, වැව් මායිම් ගල් දැමීමට බාධා කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

ආපදා තත්ත්වය හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 70කට නිවාස අහිමි වී තිබෙන අතර
එම නිවාස ඉදිකරදීම සහ ඊට අවශ්‍ය ඉඩම් හදුනා ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. ඒ සඳහා කමිටුවක් පත් කර ඉදිරි සති දෙක තුළ අදාළ ඉඩම් හදුනාගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.

මන්නාරම මූලික රෝහල ඇතුළු රෝහල්වල පහසුකම් පුළුල් කිරීම සහ සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණා.

පාසල් දරුවන් වෙනුවෙන් මහාභාණ්ඩාගාරයෙන් ලබා දෙන රුපියල් 15,000ක මුදල ග්‍රාමසේවා නිලධාරීන්ගේ නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් කඩිනමින් ලබා දී අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ජීවිත අනතුරේ - මානසිකව වැටිලා ඉන්නේ
11:27
Video thumbnail
උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් හිට ගනී..ලොවම සලිත කළ රැය කැළඹූ දැඩි ප්‍රහාර මාලාව
06:56
Video thumbnail
"ඔක්තෝම්බර් දෙවෙනිදා ගල් අඟුරු බලාගාරය වැසී යන්න නියමිතයි" පාඨලීගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..
04:04
Video thumbnail
ඩෝබිලා කන්නේ තණකොළ, බොන්නේ පුන්නක්කු - උන්ට ප්‍රශ්නයක් නෑ
09:39
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39
Video thumbnail
රටේ ජනාධිපතිගේ ගෙදරත් විදුලිය නැතිවෙලා
05:58
Video thumbnail
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොසැලකිල්ල නිසා පුංචි පුතෙකුට අත්වූ ඛේදනීය ඉරණම..අම්මා කියලා කෑගහන හැටි
02:25
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය l Namal Rajapaksha
14:16
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57