2024/2025 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු වාර්තා ලබාදීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිවේනදයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව 2024/2025 තක්සේරු වර්ෂයන්ට අදාළ ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් ආදායම් බදු වාර්තා මාර්ගගතව නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බව එම නිවේදනයේ සඳහන් වනවා.
නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන තැනැත්තන්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
වැඩි විස්තර 1944 අංකයෙන් හෝ www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
















