ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස ඉරාජ් චමින්ද පත්කෙරේ

ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස ඉරාජ් චමින්ද පතිරාජ පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීයෙකු වන ඉරාජ් චමින්ද ඉකුත් 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තනතුරේ පූර්ණ කාලීනව වැඩබැලීම සඳහා පත්කිරීමට අනුමැතිය ලබාදී තිබුණා.

ඒ, අනුව ඔහු ස්ථිර පදනමින් ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරට පත් කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !