ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඔන්ලයින් ක්‍රමය හරහා අයදුම්පත් විශාල ප්‍රමාණයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඔන්ලයින් ක්‍රමය හරහා ඊයේ (10) පෙරවරු 8.30 වන විට ඔන්ලයින් අයදුම්පත් 50,330ක් ලැබී ඇතැයි ආගමන විගමන පාලක වරයා පවසයි.

සාමාන්‍ය සේවාව යටතේ අයදුම් 41588ක් අයදුම් කර ඇති අතර ඉන් සියලු ලේඛන සහිතව සම්පූර්ණ කළ අයදුම්පත් බවට භාරගෙන ඇත්තේ අයදුම්පත් 26972ක් වන අතර ඉන් විදේෂ ගමන් බලපත්‍ර 6405ක් මේ වනවිට නිකුත් කර තිබේ. ලේඛන අඩුපාඩු සහිතව යොමු කරන ලද අයදුම්පත් 14676ක් සම්බන්ධයෙන් අයදුම්කරුවන් දැනුවත් කර අඩුපාඩු සහිත ලේඛන නැවත එවන ලෙස ඔවුන්ට දැනුම් දී ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඔන්ලයින් ක්‍රමය හරහා අයදුම්පත් යොමු කිරිමේදී නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත් යොමු කරන ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයා අයදුම් කරුවන්ගෙන් ඉල්ලා සිටිනනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !