අසාද් සාලිගේ චෝදනාවලට ජානකී සිරිවර්ධන උත්තර බඳියි (වීඩියෝ)

මුල්‍ය චෝදනාවන්ට ලක්ව මේ වනවිට රක්ෂිත බන්ධාගාරව පසුවන තිළිණි ප්‍රියමාලි නැමති කාන්තාව සමඟ මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකාවක වන ජානකී සිරිවර්ධන නැමැත්තිය සම්බන්ධ බවට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ප්‍රකාශ කරන හඬපටයක් අද මාධ්‍ය වෙත නිකුත් වී තිබුණා.

එහිදී හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සඳහන් කරන්නේ ජානකී සිරිවර්ධන නැමැත්තිය, තිළිණි ප්‍රියමාලි නැමති සැකකාර කාන්තාව සිය කාර්යාලයේ තබාගෙන ගනුදෙනුකරුවන්ට හඳුන්වා දුන් බවයි.

අසාද් සාලිගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අප ව්‍යාපාරිකාවක වන ජානකී සිරිවර්ධනගෙන් විමසීමක් කර සිටියා.

එහිදී ඇය සඳහන් කළේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සිදුකරන එම ප්‍රකාශවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි.

හිටපු ආණ්ඩුකාරවරයාගේ මෙම පදනම් විරහිත ප්‍රකාශයන් සම්බන්ධයෙන් නඩු කටයුතු අවසන් වූ පසු ඉදිරියේ දී ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදුකිරීමට ඇය සූදානම් බව ද සඳහන් කර සිටියා.

අසාද් සාලිගේ හඬපටය පහතින්..

https://youtu.be/oVwr1t-aSSU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?