අස්වැසුම ජූලි මස දීමනාව හෙට බැංකු ගිණුමට

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිවේදනයකට අනුව, 2025 ජූලි මස අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි දීමනාව හෙට (24) ඔවුන්ගේ බැංකු ගිණුම්වලට ලබා දීමට සූදානම් වන බව නිවේදනය කරනවා. මේ සදහා පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් අයත් වේ.

ප්‍රතිලාභී පවුල් 1,424,548කට රුපියල් 11,296,461,250.00 ක මුදලක් ලබා දීමට නියමිතයි. මෙම මුදල් අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කරනු ලැබේ.

අදාළ ප්‍රතිලාභීන්ට 2025 ජූලි 24 වැනි දින සිට තම බැංකු ගිණුම් හරහා මුදල් ලබා ගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
9
+1
1
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?