අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම සඳහා බැංකු ගිණුම් විවෘත කිරීම සහ තොරතුරු තහවුරු කිරීමේ කටයුතු අද (17) දින සිට ආරම්භ කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරනවා.
මෙහි අභියාචනා සහ විරෝධතා කැඳවීමේ කාල සීමාව නොවැම්බර් 15 වනදා අවසන් වීමෙන් අනතුරුව, තොරතුරු යථාවත් කිරීමෙන් පසු ප්රසිද්ධ කරන ලද නව සුදුසුකම් ලත් ප්රතිලාභීන්ගේ නාම ලේඛනයේ නම් සඳහන් පිරිස සඳහා මෙම අවස්ථාව හිමිවෙනවා.
ඒ අනුව අදාළ ප්රතිලාභීන් විසින් අනුගමනය කළ යුතු ප්රධාන පියවරයන් පහතින් දැක්වෙනවා.











