අවසන් ගමන් ගිය ශීබාට විහාරස්ථානයෙන් ගරු බුහුමන් (වීඩියෝ)

වැලිගම, කප්පරතොට සිරි කෙත්ථාරාම පුරාණ විහාරස්ථානයේ හැදුණු වැඩුණු ශීබා නම් සුරතලාගේ අවසන් කටයුතු ගරු බුහුමන් දක්වමින් ආගමානුකූලව සිදුකර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙම විහාරස්ථානයේ විටෙක සුරතලෙකු ලෙසත් තවත් විටෙක විහාරස්ථානයේ ආරක්ෂකයා ලෙසත් හදාවඩාගත් ශීබා කොළඹ ප්‍රදේශයේ පදිංචි හිතවතෙකු විසින් විහාරස්ථානයට ලබා දී තිබුණා.

ශීබා වසර 14කට වැඩි කාලයක් විහාරස්ථානයේ හැදුණු වැඩුණු අතර හිටි හැටියේ රෝගාතුර වී ඊයේ (28 ) දින මියගොස් තිබෙනවා.

එම සුනඛයාගෙන් විහාරස්ථානයට සිදු වූ සේවාව අගයනුවස් අවසන් කටයුතු ගෞර්වාන්විතව ආගමානුකූලව සිදු කිරීමට විහාරාධිපති ශාස්ත්‍රපති කොටපොල සුනීත හිමියන් හිමියන් ඇතුළු විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේලා කටයුතු කර තිබුණා.

ඒ සඳහා පළමුව ලෑලි යොදා ගනිමින් අලංකාරවත් පෙට්ටියක් විහාරස්ථානයේදීම සාදා අනතුරුව එහි ශීබා සුනඛයා තැන්පත් කොට එම සත්ත්වයාට ගරු බුහුමන් දැක්වීමට ද කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18