අවදානම මැද ගම්පහ වොලිබෝල් තරගාවලියක්.. ඇමතිත් යයි..

‘වර්තමානයේ සිටින තරුණ ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ සැලසුම් රටේ ක‍්‍රීඩාවේ ප‍්‍රගමනයට ශක්තියක්’ යයි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා පවසයි.

ගොඩහේවා මහතා මෙම අදහස් පළ කර සිටියේ ගම්පහ නගර සභා ක‍්‍රීඩාංගනයේ පැවති 34 වෙනි තරුණ සේවා රූපවාහිනි වොලිබෝල් තර`ගාවලියේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික‍්‍රමසිංහ, ගම්පහ නගරාධිපති එරංග සේනානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරරිසක් සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘34 වෙනි තරුණ සේවා රූපවාහිනි වොලිබෝල් තර`ගාවලියේ සමාරම්භක අවස්ථාවට සහභාගීවෙන්න ලැබීම ඉතාමත්ම සතුටක් ලෙස සලකනවා. වොලිබෝල් ක‍්‍රීඩාව කියලා කියන්නේ අපේ රටේ ජාතික ක‍්‍රීඩාව. එක්දහස් නමසිය පනස් ගණන්වල ජාතික ක‍්‍රීඩාවලිය ආරම්භ උනාට පසුව දශක ගණනාවක් තිස්සේ ක‍්‍රමක් ක‍්‍රමයෙන් දියුණු වෙලා ඇවිත් ජාතික ක‍්‍රීඩාව බවට පත් උනත් වොලිබෝල් ක‍්‍රීඩාවට ලංකාවේ තව බොහෝ දුරක් යන්නට තිබෙනවා. අපි දන්නවා වොලිබෝල් කියන්නේ ලෝකයේ වසර 150 ක පමණ ඉතිහාසයක් තිබෙන පැරණි ක‍්‍රීඩාවක්. ඇමරිකාවේ තරුණ කි‍්‍රස්තියානි සංගමයේ විලියම් මෝගන් කියන මහත්මයෙක් එක්දහස් අටසිය අනූ ගණන්වල ආරම්භ කර ක‍්‍රමක‍්‍රමයෙන් දියුණුවෙලා ජාත්‍යන්තර තලයට ඇවිල්ලා ඔලිම්පික් ක‍්‍රීඩාව බවට පත් වූ මෙම කී‍්‍රඩාව ජාත්‍යන්තර මට්ටමට ගෙනයන්නට අපි උත්සාහ කළ යුතුයි. අපි ඉතිහාසයේ ජාත්‍යන්තර තර`ගාවලි කිහිපයක් සාර්ථකව ක‍්‍රීඩා කරලා දිනලා තිබෙනවා.

මම විශ්වාස කරනවා අද අපේ වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය ඉතාමත් දක්ෂ ක‍්‍රීඩකයෙක් වන ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ලංකාවේ ක‍්‍රීඩාව නගා සිටුවන්නට අපේ තිබෙන සැලැස්ම යටතේ අපට මීට වඩා බොහෝ දේවල් කරන්න පුළුවන් කියලා. මම සතුටුයි දකින්නට මේ ඉන්න තරුණ තරුණියෝ ඒ ඒ දිස්ත‍්‍රික්කවලින් තර`ග කරලා දිස්ති‍්‍රික්කවල දක්ෂතම කණ්ඩායම් බවට පත් වෙලා අද මේ තර`ගාවලියට සහභාගී වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඔබට අවශ්‍ය කරන පහසුකම් තවත් වැඩි කරලා රට පුරාම ඇති ක‍්‍රීඩාපිටි සඳහා ක‍්‍රීඩාංගන පහසුකම් ඇතුළු පුහුණුවීම් පහසුකම් ඇතිව සියල්ල සංවර්ධනය කරන්න. ඒ සඳහා ඉතාමත් හොඳ සැලැස්මක් ගරු ක‍්‍රීඩා ඇමතිතුමන් ල`ග තිබෙනවා. ඒ වගේම මම හිතනවා අද අලූතින් පත්වෙලා ඉන්න තරුණ සේවා සභාවේ සභාපතිතුමන් දමිත වික‍්‍රමසිංහ මහත්මයා ඔබට විශාල ශක්තියක්. එතුමා ගැන යමක් සඳහන් කරනවා නම් ජනාධිපතිතුමාගේ වියත්මග සංවිධානයේ ආරම්භක සාමාජිකයෙක් වවිදිහට අපිත් සමග දිගටම වැඩ කරලා සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කරන්න අපත් සමග එකතු වෙච්ච ඒ මහත්මයාට තරුණ සේවා සභාව හරහා මේ රටට විශාල වැඩකොටසක් කරන්න පුළුවන්. මේ දරු දැරියන්ට විශාල ලෙස උදව් කළ හැකියි. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාගේ පූර්ණ හැකියාව යොදවලා මේ අලූතින් ලැබුනු අවස්ථාව ප‍්‍රයෝජනයට අරගෙන මේ ක‍්‍රීඩාව නංවන්නට, තරුණ පරපුරට උදව් කරන්න කියලා.

ක‍්‍රීඩාවක් කියලා කියන්නේ රටට බොහොම අවශ්‍ය දෙයක්. තරුණ පරපුර කි‍්‍රයාශීලිව, හොඳ ශරීර සෞඛ්‍යයෙන් තබාගන්න එක රටට වැදගත්. ජනාධිපතිතුමාගේ රට ගැන තිබෙන ප‍්‍රධානතම අරමුණු හතර වන ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණගරුක සමාජයක්, සෞභාග්‍යමත් දේශයක් කියන කාරණා පිළිබඳව තරුණ ඔබට විශාල වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටු කරන්නට අවශ්‍ය කරන සහය දෙන්නට අප සූදානම්. අප සියළු දෙනාම එකතු වෙලා ජනාධිපතිතුමා අපේක්ෂා කරන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමේ වැඩපිළිවෙලට අපි හැකි පමණින් දායකත්වය ලබාදෙමු යැයි පැවසීය.

උදිත පුෂ්පකුමාර
මාධ්‍ය ලේකම්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47